don's blog - New Sri Lanka

Wednesday, November 08, 2017

සැර කුළුබඩු යෙදූ ආහාර වලින් ලුණු භාවිතය අඩුකර ගත හැකිලු"?

සැර කුළුබඩු යෙදූ ආහාර වලින් ලුණු භාවිතය අඩුකර ගත හැකිලු"?
weda1මෙම තත්ත්වය මත ජනතාව අධික ලෙස ලුණු පරිභෝජනය කිරීම අවම කරලීමේ විකල්ප ක්‍රියාමාර්ගයන් පිළිබඳ අධ්‍යයනයක නිරත වූ චීනයේ අධි රුධිර පීඩනය පිළිබඳ චොන්ග්ක්‌වින්ග් ආයතනයේ හෘද රෝග පිළිබඳ මහාචාර්ය සීමින්ග් සු හා ඔහුගේ සහායකයින් විසින් මෙම සැර කුළුබඩු වර්ග, ලුණු පරිභෝජනය අඩු කරලීමේ හොඳ විකල්පයක්‌ බව සොයාගෙන තිබේ.

 මිරිස්‌ ඇතුළු සැර කුළුබඩු වර්ග ආහාරවලට එක්‌කර ගැනීමෙන් අධි රුධිර පීඩනයට හේතු කාරක වන ලුණු පරිභෝජනය අවම කර ගත හැකි බව 'හයිපර්ටෙන්ෂන්' (අධි රුධිර පීඩනය) නමැති සඟරාවෙහි පළ කර ඇති අධ්‍යයන වාර්තාවක දැක්‌වේ.

 ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශ කර ඇති පරිදි ලොව පුරා ජනතාව ලුණු අධික ලෙස පරිභෝජනය කිරීම හේතුවෙන් අධි රුධිර පීඩනය, හෘද රෝග හා ආඝාතය (ස්‌ට්‍රොක්‌) වැනි රෝගයන්ට ගොදුරුවීමේ අවදානම වැඩි වෙමින් පවතී.

 මෙම තත්ත්වය මත ජනතාව අධික ලෙස ලුණු පරිභෝජනය කිරීම අවම කරලීමේ විකල්ප ක්‍රියාමාර්ගයන් පිළිබඳ අධ්‍යයනයක නිරත වූ චීනයේ අධි රුධිර පීඩනය පිළිබඳ චොන්ග්ක්‌වින්ග් ආයතනයේ හෘද රෝග පිළිබඳ මහාචාර්ය සීමින්ග් සු හා ඔහුගේ සහායකයන් විසින් මෙම සැර කුළුබඩු වර්ග, ලුණු පරිභෝජනය අඩු කරලීමේ හොඳ විකල්පයක්‌ බව සොයාගෙන තිබේ.

 මහාචාර්ය සූ ට අනුව අතීතයේදී පවා සැර කුළුබඩු සහිත ආහාර වර්ග නිරෝගී හෘදය වස්‌තුවක්‌ පවත්වා ගැනීමට උපකාර වී තිබේ. 2015 වසරේ දී සිදුකරන ලද අධ්‍යයනයකට අනුව දිනපතාම පාහේ සැර කුළුබඩු සහිත ආහාර පරිභෝජනය කරන්නන්ට ඉක්‌මනින් මරණයට පත්වීමේ අවදානම සතියකට එක වරකටත් අඩුවෙන් සැර කුළුබඩු සහිත ආහාර පරිභෝජනය කරන්නන්ට වඩා සියයට 14 කින් අඩුය. මෙසේ අධික ලෙස සැර කුළුබඩු සහිත ආහාර පරිභෝජනය කරන්නන් දියවැඩියාව, පිළිකාව හා හෘද රෝගවලින් මිය යැමේ අවදානම ද අඩු බව පර්යේෂකයෝ පවසති.

 මහාචාර්ය සූ විසින් සිදුÊකළ අධ්‍යයනයකට සැර කුළුබඩු යෙදූ ආහාර වර්ග පරිභෝජනය කරන්නන් හා අධික ලුණු සහිත ආහාර පරිභෝජනය කරන්නන් යොදා ගෙන ඇති අතර අධිකව සැර කුළුබඩු යෙදූ ආහාර වර්ග පරිභෝජනය කළ අයගේ රුධිර පීඩන මට්‌ටම අඩු මට්‌ටමකින් අධිකව ලුණු පරිභෝජනය කළ අයගේ රුධිර පීඩනය ඉහළ මට්‌ටමකින් පවතින බව අනාවරණය වී තිබේ.

 මෙහිදී සැර කුළුබඩු යෙදූ ආහාර වර්ග පරිභෝජනය කළ අය ලුණු පරිභෝජනයට ද ප්‍රියතාවක්‌ දක්‌වා ඇතත් අධික ලුණු සහිත ආහාර පරිභෝජනය කළ අය සැර කුළුබඩු යෙදූ ආහාරවලට අකැමැත්තක්‌ දක්‌වා ඇතැයි පර්යේෂකයෝ පවසති. කෙසේ වුවද මෙම අධ්‍යයනයට අනුව සැර කුළුබඩු යෙදූ ආහාර පරිභෝජනය කළ අයගේ රුධිර පීඩනය අඩු මට්‌ටමක පවතින බව පර්යේෂකයෝ පෙන්වා දී ඇතත්, එම කුළුබඩු යෙදූ ආහාර පරිභෝජනයෙන් රුධිර පීඩනය අඩුකරලන බව ඔවුන් සාධක ඉදිරිපත් කර ඇති බව වැන්ඩරබිල්ට්‌ අධි රුධිර පීඩන මධ්‍යස්‌ථානයේ වෛද්‍ය චෙරිල් ලාµaර් පවසන්නීය.

 ඇයට අනුව දෛනිකව භාවිත කරන ලුණු ප්‍රමාණය අඩු කිරීමෙන් රුධිර පීඩනය ද අඩුකර ගත හැකිය.

 සැර කුළුබඩු යෙදූ ආහාර හා රුධිර පීඩනය අතර සම්බන්ධතාව පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කළ යුතු බව වෛද්‍ය ලාෆීර් සඳහන් කර සිටින්නීය.

 ඇමරිකානු හෘද සංගමය